
දේශපාලන පක්ෂ සහ විවිධ පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ද සමඟ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
මෙයට අදාළ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු ගැසට් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.