
අද (6) පෙරවරු 10.00 ට දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවීමට නියමිතය. රටේ සමාජ දේශපාලන පරිසරය සහ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවන බව කොමිසම සඳහන් කළේය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ යෝජනා ඇතුළත් ලිපියක් මැතිවරණ කොමිසම විසින් සියලුම දේශපාලන පක්ෂ වෙත යොමු කර තිබේ.
මේ අතර, 2022 ඔක්තෝබර් 31 වන දින වන විට 2022 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමට බලාපොරොත්තු වන බව කොමිසම පවසයි.