161 views 0 secs 0 comments

ලොවම සලිත කරවු පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී අදට වසර 4 යි.

In Local News
April 21, 2023

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථානවලට සහ සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුවී සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථාන පරිශ්‍රයේදී විශේෂ සැමරුමක් ආරම්භ වී තිබේ. මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ශ්‍රී ලංකික ජනතාවට ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය සඳහා පල්ලියේ ප්‍රයත්නයට සහය දක්වමින් අද (ජන පවුර) මානව දම්වැල විරෝධතාවයකට එක්වන ලෙස ආරාධනා කර ඇත.මෙම ජන පවුර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර තිබේ.