177 views 0 secs 0 comments

අප්‍රේල් 21 කටුවාපිටියට ජන පවුරක්…..

In Local News
April 17, 2023

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරෙන දින, එනම් එළඹෙන සිකුරාදා දින යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා ජන පවුරක් සකස් කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කර සිටියා.

අගරදගුරු මැදුරේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.