අද දහවල් ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 3 ක පමණ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
