
මහා බෝධියේ භාරකාර සහ ප්‍රධාන පූජක, අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය (ආචාර්ය) පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ අපවත් වූහ. අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූ බව වාර්තා වේ. මිය යන විට ඔහු 69 වැනි වියේ පසුවිය.
අතිපූජ්‍ය (ආචාර්ය) පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නියෝග නිකුත් කළේය.
එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන් පත් කර ඇත.
අපවත් වී වදාළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය (ආචාර්ය) පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2022 ඔක්තෝම්බර් මස 22 වැනි සෙනසුරාදා සවස 2.30 ට අනුරාධපුරයේදී සිදු කෙරේ.