703 views 0 secs 0 comments

මාතලේ නගරාධිපති ධූරයෙන් ඉවතට..

In Local News
December 03, 2020

මාතලේ මහ නගර සභාවෙහි නගරාධිපති ලෙස කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා සිය ධූරයෙන් ඉවත් කර ඇත. මහ නගර සභා අඥ්‍යා පණත යටතේ ඇති වගන්ති කිහිපයක සඳහන් වැරදි සිදු කිරීම නිසා එතුමා මෙලෙස ධූරයෙන් ඉවත් කරන ලෙස ගැසට් නිවේදනය මඟින් නිවේදනය කර ඇත.
එතුමාට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනා සම්බන්ධව සිදු කළ විමර්ෂන වාර්තාව විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී මහත්මිය විසින් පසු ගිය 24 වනදා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කර තිබුණ අතර එම වාර්ථාවෙ සඳන් කරුණු වලට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්ථා විය.