ශ්‍රී ලංකා නාවික හමුදාව මීට මාසයකට පමණ පෙර සබඳතා බිඳ වැටී තිබූ යාත්‍රාවක් සමඟ සබඳතා යළි ස්ථාපිත කර තිබේ.
නැවියන් 06 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත මෙම යාත්‍රාව දකුණු මුහුදු තීරයේ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී සැප්තැම්බර් 16 වන දින සබඳතා බිඳ වැටුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ යාත්‍රාව සමඟ සන්නිවේදනය යළි ස්ථාපිත කිරීමට හැකි වූ බවයි.
