
පාන් පිටි මිල ඉහල දැමීමත් හේතුවෙන් කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන් මේ වනවිට ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
කොත්තුවක් රුපියල් 100කින් ද, හා බිත්තර රොටි, එළවළු රොටි ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 15 ත් අතර මුදලකින් ඉහළ දමා ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියා.