785 views 0 secs 0 comments

ලංකාවෙන් හමුවූ එංගලන්ත වෛරස් ප්‍රභේදය…

In Local News
January 13, 2021

එංගලන්තයෙන් මුල්වරට වාර්තා වූ කොවිඩ් වෛරසයේ B117 ලෙස හඳුන්වන නව ප්‍රභේදය එංගලන්තයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්ගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ අද (13) තහවුරු කර තිබුණ අතර එම වෛරස ප්‍රභේදය හඳුනාගත් 51වන රට වන්නේ ශ්‍රී ලංකාවය.
ශ්‍රී ලංකාවෙන් හමුවූ එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයා දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින එංගලන්ත ක්‍රිකට් පිළේ ක්‍රීඩකයෙකු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.