155 views 0 secs 0 comments

ඉන්ධන පෝලිමක ගැටුමකින් තරුණයෙකුට දිවි අහිමි වෙයි..

In Local News
March 21, 2022

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ආරවුලක් හේතුවෙන් 29 හැවරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරු වතුපිටිවල රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලීසිය සඳහන් කර සිටියා.