64 views 0 secs 0 comments

ගම්පහ දිස්ත්‍රික්කයට පැය 10ක ජල කප්පාදුවක්..

In Local News
June 10, 2025

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (11) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

එම මට්ටමින් ජල සැපයුම අත්හිටුවනුයේ උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා කාලසීමාව තුළය.

මෙම ජල කප්පාදුවෙන් පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශයන්ට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකට බලපෑම් එල්ල වේ.

බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කිරීමේ වැඩිදියුණු කටයුතු සදහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇතැයි මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.