මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අද ( 24) ආරම්භ වූ අතර අප්‍රේල් 25, 28 සහ 29 යන දිනයන් තුළද තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වන බවත්, රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, විශේෂ ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට මෙම කාලසීමාව තුළ ඡන්දය ලබාදිය හැකි බවත්මැතිවරණ කොමිසම සඳහන් කර සිටියා.
මෙවර මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් ගණන 648,495 ක් බවත්, තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබාදී ඇති දිනයන් යළි දික් නොකරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
එමෙන්ම සිරි දළදා වන්දානාවේ රාජකාරී කටයුතු සඳහා යෙදවී සිටින පොලිස් නිලධාරීන් සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විශේෂ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවද ඔහු සඳහන් කළේය.