Connect with us

Local News

චිකුන්ගුන්යා ව්‍යාප්තියේ සීග්‍රතාවයක්…

Published

on

දැනට චිකුන්ගුන්යා වසංගත රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව සහ බත්තරමුල්ල යන ප්‍රදේශවලට හා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලට මෙම රෝගය ව්‍යාප්ත වී ඇති බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා පවසයි.

මෙම රෝගය 2006, 2007 සහ 2008 වසරවල දීද සැලකිය යුතු ලෙස ව්‍යාප්තවී ඇති බවද ඔහු සදහන් කළේය.

උණ, ඇඟපතේ වේදනාව, වෙව්ලීම, හන්දි වේදනාව සහ හන්දි ඉදිමීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස දැක්විය හැකි බවද වෛද්‍යවරයා පවසයි. බොහෝ රෝගීන්ට දින කිහිපයක් තුළ මේ රෝගය සුව වුවද, සමහරුන්ට හන්දි වේදනාව දිගු කාලයක් පවතින බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

චිකුන්ගුන්යා රෝගය ඩෙංගු ව්‍යාප්ත කරන මදුරු වර්ගය මඟින්ම ව්‍යාප්ත වන අතර, රෝගියෙකුගෙන් තවත් රෝගියෙකුට පරික්ෂණයකින් රෝගය බෝ නොවන බවද වෛද්‍ය චින්තන පෙරේරා මහතා පැවසීය.

ගර්භණී මව්වරුන්, ළමයින් සහ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් මෙම රෝගය පිළිබඳව වැඩි පරිස්සමක් දැක්විය යුතු බවද ඔහු අවධාරණය කළේය.

Local News

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි, නව ප්‍රකාශක වරයෙක් පත් කෙරේ..

Published

on

By

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. එම ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති අතර, අදාළ තීරණය ගෙන ඇත්තේ වෙසක් පොහොය දිනයේදී ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේය.

මෙම සිදුවීමෙන් පසුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එමඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ ප්‍රතිසංවිධානයක අරමුණින් දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත. මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩතහනමට ලක්වීමත් සමඟ එම ධූරයේ කටයුතු සිදුකිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතා වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත.

Continue Reading

Local News

මහනුවර-පේරාදෙණිය දුම්රිය මාර්ගය යළි සාමාන්‍ය තත්ත්වයට

Published

on

By

මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමකට ලක්වූ ස්ථානයේ නඩත්තු කටයුතු අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, කොළඹ කොටුවෙන් පෙරවරු 5.55ට පිටත් වූ බදුල්ල බලා ධාවනය වූ දුම්රිය, මහනුවර නගරය වෙත යළිත් නියමිත පරිදි ධාවනය වී ඇත.

මෙම දුම්රිය මාර්ගයේ ගිලා බැසීමේ තත්ත්වය, පසුගිය දින කිහිපයේ මහනුවර ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ බවද වාර්තා වෙයි.

Continue Reading

Local News

ලංකාවේ නව කොවිඩ් ප්‍රභේදයෙන් දෙදෙනෙකු මියයයි – වෛද්‍යවරුන් අවවාද කරති.

Published

on

By

රට පුරා පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයක ආසාදනයවීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම තත්වය පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා අදහස් දැක්වීය.

ඔහු පැවසුවේ, “ලංකාවේ දැනට වෛරස් විද්‍යාතනයෙන් ලැබී ඇති තොරතුරු අනුව, ස්වසන රෝගීන්ගේ 9% – 13% අතර අලුත් ප්‍රභේදය හේතුවෙන් කොවිඩ් ආසාදනය වී ඇත. මෙය සාමාන්‍යයෙන් අඩු බැරෑරුම් තත්ත්වයකින් යුතු නමුත්, අවුරුදු 65ට වැඩිව සිටින, ප්‍රතිශක්ති දුර්වල පුද්ගලයන්ට දැඩි බලපෑම් ඇති කළ හැකි බවයි.”

මියගිය දෙදෙනාම සංකීර්ණ වාත්තු රෝග තත්ත්වයන්ගෙන් පෙළුණු පුද්ගලයන් බවත්, තවදුරටත් මහජනතාවට පනවන බැරෑරුම් අවදානමක් නොමැති බවත් මහාචාර්යවරයා පැවසීය.

නමුත් අවදානම් කාණ්ඩවලට අයත් පුද්ගලයින් (වයස අවුරුදු 65 ඉක්මවා සිටින අය, දීර්ඝකාලීන රෝග ඇති අය) සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සැලකිලිමත් විය යුතු බවද ඔහු අවධාරණය කළේය.

“ලංකාවේ දැනට වෛරස් විද්‍යාතනයෙන් ලැබී ඇති තොරතුරු අනුව, ස්වසන රෝගීන්ගේ 9% – 13% අතර අලුත් ප්‍රභේදය හේතුවෙන් කොවිඩ් ආසාදනය වී ඇත. මෙය සාමාන්‍යයෙන් අඩු බැරෑරුම් තත්ත්වයකින් යුතු නමුත්, අවුරුදු 65ට වැඩිව සිටින, ප්‍රතිශක්ති දුර්වල පුද්ගලයන්ට දැඩි බලපෑම් ඇති කළ හැක.”

Continue Reading

ප්‍රවණතාවන්