170 views 0 secs 0 comments

ඊයේ වව්නියාවේ හදිසි වැටලීමකදී 4 දෙනෙක් අත්අඩංගුවට

In Local News
August 20, 2022

ඊයේ දහවල් කාලයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ සිදු කරන ලද පොලිස් හදිසි වැටලීමකදී ලැගුම් හලක් තුල සැක සහිත ලෙස රැදී සිටි සැකකරුවන් දෙදෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන් එක් සැකකරුවකු ළග තිබී ටී 56 සජිවී පතරොම් 30 ක් හා යුද හමුදා නිළ ඇදුමට සමාන ඇදුමක් සොයාගෙන ඇත. අනෙක් සැකකරු සන්තකයේ තිබී ගංජා 850g ක් සොයාගෙන ඇත.
මොවුන් අවුරුදු 42ක් හා 31 ක් වයසැති අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
මොවුන් අද දින වව්නියාව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.