181 views 0 secs 0 comments

ICT සාමාන්‍ය පෙළ හර විෂයක් ලෙස එක් කිරීමට පියවර…

In Local News
December 05, 2022

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළ හර විෂයක් ලෙස ඉදිරියේ දී එක් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව එම විෂය සඳහා ජාතික මට්ටමේ තක්සේරුවක් සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, රොබෝටික්ස්, කෘත්‍රිම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා හරහා සිසුන් දැනුමෙන් සහ තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම තුළින් තවත් වසර 5 ක් ගතවන විට පවතින අර්බුදයට විසඳුම් සෙවිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.