68 views 0 secs 0 comments

අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම් අද සිට…

In Local News
May 21, 2025

අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීම සඳහා පහසුකම් අද (21) සිට ලබා දී ඇති බව වරාය, ගුවන්සේවා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි. එමඟින් දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ–කටුනායක අධිවේගී මාර්ගය, සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සහ මීරිගම අතර කොටසේදී කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් කළ හැකිය.

මෙම පහසුකම අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ද්වාර 119ක් වෙත යොදා ඇත. වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන්ට අවශ්‍ය පුහුණුවද ලබා දී ඇති බව අමාත්‍යාංශය පවසයි.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුකුලව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල හරහා අධිවේගී මාර්ගවල ගෙවීම් කිරීමේදී ඇතිවන මාර්ග තදබදය අඩු කිරීමත්, ගෙවීම් සඳහා ගතවන කාලය ඉතිරි කිරීමත් අපේක්ෂා කරයි.