
අලුත්ගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්,පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයින් 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර සිටී.
එමෙන්ම කඹුරුපිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ද කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ සමග එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලැබු පොලිස් නිලධාරින් 65 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතා කියාසිටියේය.