193 views 0 secs 0 comments

මී උණ ව්‍යාප්තියේ වැඩි වීමක්..

In Local News
December 01, 2022

වර්ෂාව සමග ගොවි බිම් ආශ්‍රිතව මී උණ ව්‍යාප්තියේ වැඩි වීමක් දැකගත හැකි බව සෞඛ්‍ය අංශ අනාවරණ කර තිබේ.

ඒ හේතුවෙන් වගා කටයුතුවල නිරත වීමේ දී වකුගඩු රෝගීන් සහ අක්මා රෝගීන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත්, කුඹුරු ඉවුරු ආශ්‍රිතව එළිපෙහෙළි කිරීමේදී ප්‍රවේශම් වන ලෙසත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කර සිටියා.

ඊට අමතරව ගොවිතැන් කටයුතු සඳහා යොමු වීමට පෙර අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද ඔහු ඉල්ලීමක් කළේ ය.