“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පවසයි.
එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ අංශ කිහිපයක් එක්ව එම කටයුතු සිදුකරන බවත්, එහිදී සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි අදාළ ගණනය කිරීම් සිදුකරන බවත් එයට යම් කාලයක් ගත වන බවත්ය.
මේ අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව නීතිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වු බව ද ඇය සඳහන් කළාය.