
ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම වැනි නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 26,920 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන ඇති අතර ඉන් 26,000කට ආසන්න සංඛ්‍යාවකට නඩු පවරා ඇති බව පොලීසිය සඳහන් කළේය.