164 views 0 secs 0 comments

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඇතුගල්පුර පිවිසුම අද සිට ජනතා අයිතියට…

In Local News
January 15, 2022

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන ඇතුගල්පුර පිවිසුම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරු 4.30 ට මීරිගමදී විවෘත කිරීමට නියමිතය.

පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි නාගරික ප්‍රදේශ මග හරිමින් ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ මීරිගම සිට කුරුණෑගල දක්වා දුර කිලෝමීටර් 40.91 කි. එහි මීරිගම, නාකලගමුව, දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 5 ක් එහි ඉදිකර තිබේ.