149 views 0 secs 0 comments

ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ…

In Local News
May 09, 2022

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ දැනට පනවා ඇති ඇඳිරිනීතිය, 11 වන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයේ, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක කිසිවෙකුට රැඳී සිටීමට අවසර නොමැති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.