94 views 0 secs 0 comments

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්..

In Local News
January 14, 2025

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (14) උදෑසන 6:00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (15) උදෑසන 6:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි අතර එම නිවේදනයෙන් කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත්වන ලෙසට ද දැනුම් දී තිබේ.

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50–60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව ද නිවේදනයේ සඳහන් වේ.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.