123 views 0 secs 0 comments

පාසැල් දරුවන් සඳහා සපත්තු වවුචර් ලබා දීම දෙසැම්බර් 4 වනදා සිට…

In Local News
November 27, 2023

දෙසැම්බර් 04 වැනිදා පාසැල් දරුවන් සඳහා ලබාදෙන සපත්තු වව්චර් පත් ලබාදීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර සිටියා.

මෙම වවුචර් පත් ලබාදෙන්නේ දුෂ්කර, අති දුෂ්කර හා හුදකලා පාසැල් යන වර්ගීකරණයට අයත් පාසැල් වල දරුවන්ට බවත්, ඒ අනුව, පාසැල් දරුවන් 747,000 කට සපත්තු වවුචර් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.