දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සව දෙකකට සහභාගී වු පුද්ගලයින් පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේය. පුද්ගලයින් 28දෙනෙක් මෙහිදී ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගි වු පුද්ගලයින් 19 දෙනෙකු සහ බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයට සහභාගි වු පුද්ගලයින් 9 දෙනෙකු ඒ අතර වන බව සඳහන් වන අතර මේ වන විට ඔවුන්ගේ ආශ්‍රීයින් හඳුනාගෙන පී.සි.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය..
