69 views 0 secs 0 comments

ඩෙල්ටා ගුවන් යානයක ගින්නක් – මගීන් 300ක් ආරක්ෂිතව පිටතට…

In World News
April 22, 2025

මගීන් 300කට ආසන්න පිරිසක් රැගෙන යාමට නියමිතව තිබූ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක එංජිමක හදිසි ගින්නක් හටගෙන තිබේ.

මෙම සිදුවීම සිදුවූයේ, යානය ඇමරිකාවේ ෆ්ලොරිඩා රාජ්‍යයේ ඕලැන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නවතා තිබියදීය.

ගින්න හටගත් මොහොතේ සිටි මගීන් සහ පිරිස කඩිනමින් යානයෙන් ඉවත්කිරීමට බලධාරීන් ක්‍රියාත්මක වී ඇති අතර, කිසිදු පුද්ගලයෙකුට තුවාල නොවූ බව වාර්තා වෙයි.

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, දැන්වීමක් සහ විමර්ශනයක් ආරම්භ කර ඇත.