අපජල සාම්පල වල පෝලියෝ වෛරසය පවතින බවට අනාවරණය වීමත් සමග ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ හේතුවෙන් පෝලියෝ රෝගයට එරෙහිව එන්නත්කරණය ඉහළ නැංවීමට නිව්යෝර්ක්හි බලධාරීන් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
එමෙන්ම දැනට මේ එන්නත ලබාගෙන ඇති යම් පුද්ගලයෙක් හෝ පෝලියෝ ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇත්නම්, එම පුද්ගලයින් බූස්ටර් එන්නත ලබාගත යුතු බව ද බලධාරීන් දැනුම් දී සිටියා.
