185 views 0 secs 0 comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට දැනුම් දීමක්.

In World News
April 26, 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට පවසා ඇත්තේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙස සහ බදු ඉහළ නංවන ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ වැඩබලන අධ්‍යක්ෂ ඈන් මරී විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව නම්‍යශීලී විනිමය අනුපාතයක් අනුගමනය කළ යුතු බවයි. ඈන් මරී එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ පසුගිය සති අන්තයේදී ශ්‍රී ලංකා නියෝජිතයින් සමඟ තාක්ෂණික සාකච්ඡා ද පැවැත්වූ බවයි.