215 views 1 sec 0 comments

බ්‍රිතාන්‍යය කොවිඩ් රීති ලිහිල් කිරීමට තීරණය කරයි…

In World News
July 05, 2021

බ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන්ම වසාදැමීමේ තීරණය ලිහිල් කිරීම සදහා සැලසුම් සකස්කරමින් සිටින බවත්, ලබන 19 වනදා සිට දැනට පවතින සංචරණ සීමාවන් ලිහිල්කිරීම සම්බන්ධයෙන් සලකාබලමින් සිටින බවත් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි.

බ්‍රිතාන්‍ය තුළ දැනට ක්‍රියාත්මක සීමාවන් ලිහිල්කිරීම හේතුවෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ සහ ආසාදිත මරණ සංඛ්‍යාවේ ඉහළයාමක් පෙන්නුම් කළ හැකි බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇථ. කෙසේ වුවද සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියටත් අනුගමනය කළයුතු බව බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා පෙන්වා දී තිබේ.

න්නත්කරණ වැඩපිළිවෙල යටතේ එය පාලනය කරගත හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතිබව සඳහන් වේ.

එරටින් මේ වන විට කොවිඩ් -19 ආසාදිතයින් මිලියන 4.9ක් හඳුනාගෙන ඇති අතර මරණ 128,222ක් වාර්තා වී තිබේ.