
ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් ප්‍රකාශ කරන්නේ මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි.ඒ අනුව ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.මේ අවස්ථාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබාමින් සිටින බවත් හෙට (18) දිනයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් පැමිණෙන බවයි ඔහු සඳහන් කළේ.
මීට අමතරව ලබන 19 වනදා තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගෙන එන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.