Connect with us

Local News

ජනපති හා සංචාරක අමාත්‍යාංයේ නිලධාරීන් අතර හමුවක්…

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සංචාරක අමාත්‍යාංයේ නිලධාරීන් සමග අද (17) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවතිණි.

එහිදී මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බවත්, ශ්‍රී ලංකාව, ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

මෙවර අයවැයෙන් සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ මෙහිදී නිලධාරීහු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ.

සංචාරක ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් සංචාරකයින් මිලියන 03ක් මෙම වසරේදී මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට මෙම ප්‍රතිපාදන යොදා ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

Local News

සිරි දළදා වන්දනා කාලය පැයකින් දීර්ඝ කෙරේ…

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට ලබාදුන් කාලය පැයකින් දීර්ඝ කර තිබේ.
ඒ අනුව අද සිට ලබන 27 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දාවට අවස්ථාව හිමිවනු ඇති අතර සිරි දළඳා වන්දනාව සඳහා මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ජනතාව මහනුවරට පැමිණෙමින් සිටී.

Continue Reading

Local News

නොරොච්චෝලේ විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි…

Published

on

By

අවුරුදු සමයේ බලශක්ති ඉල්ලුම අඩුවීම හේතුවෙන් අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද (21) උදෑසන 11.00ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.

වර්තමානයේ ඉහළ වාත්තු ඉල්ලුම සලකා බලා බලාගාරයේ ඒකක තුනම ක්‍රියාත්මක බවද සඳහන් වේ.

Continue Reading

Local News

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර පාසල් කිහිපයකට අද සිට විශේෂ නිවාඩු…

Published

on

By

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාවට ආසන්නව පිහිටි පාසල් කිහිපයකට අද (21) සිට අප්‍රේල් 25 වැනිදා දක්වා විශේෂ නිවාඩු ලබාදී ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේය.

අවශ්‍යතා මත මෙම නිවාඩු කාලය දිගු කළ හැකි අතර, එවිට පාසල් තවදුරටත් වසා තබා ගැනීමට කටයුතු කරන බවද සඳහන් වේ.

මෙම පාසල් වෙන් කර ඇත්තේ මහනුවර ආරක්ෂාවට යොදවන පොලීසිය සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නවාතැන් ලබා දීම සඳහාය.

එසේම, දළදා වන්දනාව සදහා පැමිණෙන ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයින්ට නවාතැන් පහසුකම් සලසන කටයුතු සඳහාද මෙම පාසල් භාවිතා කරන බව අදාළ ආයතන පවසයි.

Continue Reading

ප්‍රවණතාවන්