
නිවේදනයක් නිකුත් කරමින් පෘතුගාල ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ එරට ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවයි. 72 හැවිරිදි පෘතුගාල ජනාධිපති මේ වන විට සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
මේ වන විට පෘතුගාලයෙන් කොවිඩ් ආසාදිතයින් 489,293 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 7,925ක් සිදුව ඇති බව වාර්තා වේ.