185 views 0 secs 0 comments

කොවිඩ් හේතුවෙන් වැසී ගිය චීනයේ “චංදු”

In World News
September 01, 2022

මිලියන 16ක පමණ ජනතාවක් ජීවත් වන චීනයේ චෙංදු නගරය ලොක්ඩවුන් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි. ඒ කොවිඩ් අසාදිතයන් වාර්තා වීම ඉහල යාමත් සමගයි.

මෙම ලොක්ඩවුන් කිරීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසකින් එක් පුද්ගලයකුට පමණක් පිටතට යෑමට අවසර තිබෙන අතර එම පුද්ගලයා ඊට පැය විසි හතරකට පෙර කරන ලද PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබීම අනිවාර්ය බව වාර්තා වේ.

මේ වන විට චෙංදු නගරයෙන් කොවිඩ් රෝගීන් 157 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 51 දෙනෙකු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන් වූ බව සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.