169 views 0 secs 0 comments

ඉන්ධන පිරවුම්හලක අනතුරක්..

In Local News
September 01, 2022

අද (1)මාදිවෙල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල තුළදී සුඛෝපභෝගී ජීප් රථය අනතුරට ලක්වී ඇති අතර අනතුරින් තුවාල ලැබූ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු රෝහල් ගතකර තිබෙනවා. ජීප් රථයේ ගැටීමෙන් ත්‍රිරෝද රථයක් හා ස්කූටර් යතුරුපැදියකට බරපතළ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳව මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.