59 views 0 secs 0 comments

ජනපති පක්ෂ නායක රැස්වීමක් කැඳවයි..

In Local News
April 09, 2025

අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කර සිටි අතර එහිදී ඔහු පවසා ඇත්තේ අද උදෑසන විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙකු මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව ඉල්ලා සිටි බවය.