74 views 0 secs 0 comments

තඹුත්තේගම දුම්රිය අනතුර….

In Local News
February 19, 2025

අද (19) අළුයම තඹුත්තේගම හා සේනාරත්නගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශ‍යේදී කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී අනතුරට පත් විමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබේ.

තුවාලකරු රෝහලට ඇතුලත් කිරීමේදි මියගොස් අතර සිද්ධිය සම්බන්ධව විමර්ශන ඇරඹූ තඹුත්තේගම පොලිසිය සඳහන් කලේ මරණකරු පිළිබඳව තොරතුරු මෙතෙක් අණාවරණය වී නැති බවයි.

සිද්ධියෙන් මරණයට පත් පුද්ගලයා වයස අවුරුදු 65ක පමණ පිරිමි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කෙරෙමින් පවතින බව පොලිසිය වාර්තා කලා.