
පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ගංජා ජාවාරම පිළිබඳව පොලීසියට තොරතුරු දුන් සිවිල් පුද්ගලයෙකුගේ දෑත් දෙපා කැපූ මෙම සැකකරු පොලිස් වෙඩිපහරින් මරණයට පත්වී ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
අදාළ සැකකරුට ගම්පහ මහාධිකරණයේ නඩු 2ක්, මාරවිල මහාධිකරණයේ නඩුවක්, ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විහාග වෙමින් පවතින බවද වාර්තා වේ.