153 views 0 secs 0 comments

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති, ජනපති හමුවෙයි..

In Local News
March 18, 2022

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා මහතා අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා ජේ ෂා මහතා ඇතුළු ආසියානු රටවල නියෝජිතයින් 40 දෙනෙකු මෙරටට පැමිණ සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වූ බව වාර්තා වේ.