162 views 0 secs 0 comments

ජනාධිපති ඉල්ලා අස් නොවුනහොත් දීප ව්‍යාප්තව බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට සූදානමක්…

In Local News
April 25, 2022

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ගේ ඉල්ලීම පරිදි ජනාධිපති ප්‍රමුඛ සියලු දෙනාම ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොවුන්හොත් ලබන සතියේ දී දීප ව්‍යාප්තව බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටිය..

රට මෙවැනි තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් බසර 74ක් මේ රට පාලනය කරපු සියලුම දේශපාලන පක්ෂ වගකිවයුතු බවත් ඔහු සඳහන් කර සිටියා.
වැඩිදුරටත් අදහස් දැක් වූ ගැමුණු විජේරත්න මහතා,

“සභාග ආණ්ඩුවක් නිර්මාණය කරන ලෙස මීට මාස අටකට පෙර ජනාධිපතිතුමාව දැනුවත් කරත් එය ක්‍රියාත්මක කළේ නැහැ නමුත් එය අද වන විට ක්‍රියාත්මක කිරීමේ යුතුයි කියන මට්ටමට ඇවිල්ල තියෙනවා.

ටයර් එක මිල සීග්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. එය දරාගන්න නොහැකි මට්ටමට ම ගිහිල්ලා තියෙනවා. ඒක හින්දා අපි කියන්නේ මේ ආණ්ඩුව ඉක්මනින්ම ඉවත් වෙන්න ඕනි. ඉදිරියේදී තරුණයින්ට රට පාලනය කරන්න ඉඩ දිය යුතුයි.”

ඒ සඳහා උවිඳු විජේවීරව පත් කිරීමත් සුදුසු බවත් ඔහු යෝජනා කළා.