188 views 0 secs 0 comments

ලංකාවට දියර පොහොර ආනයනය කිරීම ප්‍රමාද වේ.

In Local News
December 05, 2021

ඉන්දීය ගොවි පොහොර සමුපකාරය මගින් ඉන්දියාවට නිෂ්පාදනය කරන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට සම්බන්ධ නියෝජිතයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට දියර පොහොර ආනයනය කිරීම ප්‍රමාද වෙමින් පවතින බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ පවතින තත්ත්වය පිළිබඳ අවසන් තීරණයක් මේ සතියේදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේදී අවශ්‍ය ණයවර ලිපි නොගෙවීම හේතුවෙන් දේශීය නියෝජිතයාගේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුව ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.