
ඊයේ (04) පස්වරුවේ මීපේ -ඉංගිරිය මාර්ගයේ අංගම්පිටිය – උළුකැටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 50 හැවිරිදි වියෙහි පසුවූ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරු පැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන පාදුක්ක පොලිසිය මඟින් ක්‍රියාත්මක කර තිබේ.