198 views 0 secs 0 comments

දකුණු පළාතේ සෞඛ්‍ය සේවක වර්ජනයක්…

In Local News
January 05, 2022

දකුණු පළාතේ හෙද, පරිපූරක, වෛද්‍ය, අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වර්ජනයට කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර සහ හම්බන්තොට මහ රෝහල්, රේඛීය අමාත්‍යංශ පාලනය යටතේ ඇති ආයතන, දකුණු පළාතට අයත් මූලික රෝහල් 09 ක්, සියලු ප්‍රාද්ශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 47 ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ව සිටී.

අද උදෑසන 7 සිට හෙට උදෑසන 7 ක් දක්වා වර්ජනය ක්‍රියාත්මකත බව
රජයේ වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසුවා. එමෙන්ම අදාළ කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සහ හදිසි සේවා ක්‍රියාත්මක බව ද එතුමා ප්‍රකාශ කලා.