151 views 0 secs 0 comments

අද සිට අඛණ්ඩව ලිට්‍රෝ ගෑස් බෙදා හැරේ – ලිට්‍රෝ සමාගම

In Local News
July 11, 2022

අද (11) සහ හෙට (12) දිනයන්හි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලටත්, 13 වනදා සිට අනෙකුත් ප්‍රදේශවලටත් ගෑස් බෙදා හරින බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටී.

තව ද 12.5ක්ග් ගෑස් සිලින්ඩරයක උපරිම මිල රුපියල් 4910 ක් (කොළඹ) වන බව සඳහන් කරන එම සමාගම පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ, වැඩි මිලට හෝ වෙනත් පාර්ශවයන් හරහා මිලදී ගැනීම් සිදු කිරීමෙන් වළකින ලෙසයි.

එමෙන්ම අනවශ්‍ය තොග රැස් කිරීම් වළක්වාලීම පිණිස ගෑස් මිලදී ගන්නා අවස්ථාවේ මැයි මස විදුලි බිල්පත ඉදිරිපත් කරන ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයිනගෙන් ඉල්ලා සිටින අතර ගෑස් මිලදී ගත හැකි මධ්‍යස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය සහ ලිට්‍රෝ වෙබ් අඩවිය හරහා දැනුවත් කිරීම් සිදු කෙරෙනු ඇති.