144 views 0 secs 0 comments

IOC පිරවුම්හල් සඳහා පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනයට පියවර…

In Local News
July 11, 2022

දිවයින පුරා පිහිටි ලංකා IOC පිරවුම්හල් සඳහා පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනයට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමය පවසයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිපෙට්කෝ පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කෙරෙන බව එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.

සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, මේ වනවිට ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90% ත් 95% ත් අතර සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බවයි.