161 views 0 secs 0 comments

ජන බලවේගයේ ආණ්ඩුව පාලනය කළහොත් කැබිනට් මණ්ඩලය 25කට සීමා කරනවා – අනුර කුමාර දිසානායක

In Local News
January 20, 2022

තම පක්ෂය පාලනය පත් වුවහොත් කැබිනට් මණ්ඩලය 25කට සීමා කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදාදා (19) මොරටුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් එතුමා කියා සිටියේ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නායකයින් සමඟ රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ ජනතාවට යහපත් බලාපොරොත්තු තිබුණත් පාලකයන්ට ඇත්තේ නරක අපේක්ෂාවන් බවත්, එබැවින් රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාලකයන් වැරදිකරුවන් බවත්ය.