150 views 0 secs 0 comments

නීතිවිරෝධී ලෙස විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට

In Local News
August 18, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 අගෝස්තු මස 16 වන දින රාත්‍රියේ තලෙයිමන්නාරම, කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර; බෝට්ටු ක්‍රියාකරුවන් 02 ක් සහ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් 02 ක් සහ වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් 04 ක් ඇතුළුව පිරිමින් 04 ක්.
මෙම නීතිවිරෝධී මුහුදු ගමන සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාව ද නාවික හමුදාව සතුව තිබී ඇත.
සැකකරුවන් පේසාලේ, ඌරුමලෙයි, කිලිනොච්චිය සහ කන්තලේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
මිනිස් ජාවාරම්කරුවන් අනාරක්ෂිත ක්‍රම භාවිත කරමින් වේගයෙන් මුදල් ඉපයීම සඳහා මෙවැනි ජාවාරම් සංවිධානය කරන බව නිරීක්ෂණය වන බැවින් අනතුරුදායක මුහුදු ගමන්වල නිරත වෙමින් නීතිය ඉදිරියේ ගොදුරු බවට පත්වීමෙන් ජීවිත අවදානමට ලක්වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.