
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන අතර මියගිය අය අතරින් සිව් දෙනෙකුම බන්ධනාගාරයක සේවය කරමින් සිටි වෛද්‍යවරුන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ පිපිරීම හේතුවෙන් ගොඩනැගිලි රැසකට ද හානි සිදුවී තිබේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව වාර්තා වේ.