
ගරු සිරිල් ගාමිණි පියතුමන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින උපරිමාධිකරණයේ දී සලකා බැලීමට නියමිතය. ඒ සඳහා මේවන විට ගරු පියතුමන්ලා, පැවිදි සොයුරන් සහ පැවිදි සොයුරියන් මෙන්ම පොදු ජනතාව අලුත්කඩේ උපරිමාධිකරණය ඉදිරිපිට රැස්වී , අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා ගරු සිරිල් ගාමිණී පියතුමා ඉල්ලා සිටින යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් එක පෙළට අලුත්කඩේ උපරිමාධිකරණය ඉදිරිපිට සිටිනු දක්නට ලැබේ.