190 views 0 secs 0 comments

කොත්තුවක මිල අද සිට පහලට..

In Local News
October 16, 2022

ආනයනික තිරිගු පිටි කිලෝවක මිල 290 වීමත් සමග අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තුවක මිල රු.50කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කර සිටියා.

කෙසේ වුවද බේකරි නිෂ්පාදන සදහා තිරිඟු පිටි සපයන ප්‍රධාන සමාගම් දෙක මෙතෙක් සිය මිල ගණන් අඩු කර නොමැති නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කල නොහැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගම් සභාපති එන්.කේ ජයවර්ධන මහතා සදහන් කර සිටියා.